වැදගත් සිදුවීම්
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් සහ නාවික හමුදාධිපති අතර හමුවක්
ඕස්ට්‍රේලියානු සාගරික දේශසීමා ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (Rear Admiral Justin Jones) ඇතුළු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
04 Feb 2023
ඉන්දීයාවේ රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Staff Brig. Gen. (Dr.) Mohmmad Essa H Alhrbi අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
04 Feb 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
04 Feb 2023
තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්ත හමුදා උපදේශක Staff Colonel Servet OKUMUŞ අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
03 Feb 2023


