ශ්රී ලංකා නාවික හමුදවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Ideal Motors සමාගම විසින් දේශීයව නිර්මාණය කර එකලස් කරන ලද විශේෂිත මාදිලයේ මෝටර් රථ 03 ක් (All Terrain Vehicles - ATV) එම සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා වෙත නිළ වශයෙන් භාරදීම 2023 පෙබරවාරි මස 22 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.