වැදගත් සිදුවීම්

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජානක නිස්සංක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජානක නිස්සංක උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 මාර්තු 02) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

03 Mar 2023

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහය

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් 2023 මාර්තු මස 03 සහ 04 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ස්ථාපනය කරනු ලබයි.

02 Mar 2023