ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුද හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 01/2023 (Joint Combined Exchange Training (JCET) Balance Style 01/2023) සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතිකපත් ප්රදානය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 24 වන දින සිදු කෙරිණි.