වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් සමුද්‍රීය මෙහෙයුම් සඳහා භාවිතා කරන උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තොගයක් භාරදීම අද දින (2023 මාර්තු 27) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම උපකරණ තොගය ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනී සී නෙල්සන් විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වෙත සංකේතාත්මකව භාරදීම සිදුකෙරිණි.
28 Mar 2023
නාවික හමුදාවේ සහයෙන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි
ත්‍රිකුණාමලය නගර ශාලාවේදී 2023 මාර්තු මස 26 වන දින ත්‍රිකුණාමලය සහ හැදල සිංහ සමාජයන් එක්ව සංවිධානය කළ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.
27 Mar 2023


