2023 අප්‍රේල් 28 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය තුල පරිසරය සුරැකීම වෙනුවෙන් සිදුකරනු ලබන විශිෂ්ඨ දායකත්වය අගයමින් පිරිනමන ලද රන් සම්මානය, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් ගරු ජනාධිපති තුමන් වෙතින් හිමිකර ගන්නා ලදි.