වැදගත් සිදුවීම්
නාවික හමුදාව ගිණිකොන නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 මැයි මස 18 වන දින ගිණිකොන නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන්, එම විධානයේ මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
20 May 2023
ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි
2023 මාර්තු මස 20 දිනට යෙදුනු ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් පවත්වනු ලබන දන්ත වෛද්‍ය සේවාවන්ගේ තවත් අධියරක් ලෙස ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2023 මැයි මස 09 වන දින සිට 19 වන දින දක්වා ගිණිකොන නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
20 May 2023
සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නාවික උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Lieutenant Commander RICHARD LISTER සහ නව නාවික උපදේශක වශයෙන් පත්වීමට නියමිත Lieutenant Commander JESSICA V. DE MONT සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 මැයි 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
19 May 2023


