ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 65 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් තිස්පස් දෙනෙකු (35), ස්වේච්ඡා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් තිදෙනෙකු (03) ඇතුළු 67ක් වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම, අද දින (2023 ජුනි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.