ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස පාසැල් ළමුන් වෙනුවෙන් බියගම, දරණාගම ප්‍රාථමික විද්‍යාලයේදී දන්ත වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු ගේ අධීක්ෂණයෙන් අද දින (2023 ජුලි 27) එම විදුහල් පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.