නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 සැප්තැම්බර් මස 09 සහ 10 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානය මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු, සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, වර්තමාන තත්ත්වය හමුවේ නාවික හමුදාවේ කාර්යය භාරය කාර්ක්‍ෂමව ඉටුකිරීම සඳහා කැපවිය යුතු ආකාරය සම්බන්ධයෙන් එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කිරීම සිදුකෙරිණි.