වැදගත් සිදුවීම්

උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

උතුරු මැද නාවික විධානයේ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 සැප්තැම්බර් මස 15 වන දින, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්/අධ්‍යක්ෂ (පද්ධති සහතික කිරීම) එස්.යූ.නාරංගොඩ මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්/අධ්‍යක්ෂ (තත්ව සහතික) එම්බීඩී නීලකාන්ති මහත්මිය ගේ සහභාගීත්වයෙන් පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ මාලිමා උත්සව ශාලාවේදී සිදු කෙරිණි.

17 Sep 2023

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

2023 සැප්තැම්බර් මස 16 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ පනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර වෙරළ තීරයේ පැවති වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී වූ අතර, ඊට සමගාමීව නාවික හමුදාව විසින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි, වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

17 Sep 2023