ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ දායකත්වයෙන් සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් සේරුවාවිලදී පවත්වයි
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහ සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය එක්ව, 2023 ඔක්තෝබර් මස 08 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදී, සෞඛ්‍ය කඳවුරක් හා බහුවිධ සමාජසේවා ව්‍යාපෘතීන් රැසක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, සේරුවාවිල මංගල රජමහා විහාස්ථනයේ විහාරාධිපති අති පුජ්‍ය අළුදෙණියේ සුබෝධ හිමිගේ හා පුජ්‍ය බණ්ඩාරවෙල මුදිත හිමිගේ මගපෙන්වීම යටතේ පැවති මෙම සෞඛ්‍ය කඳවුරේදී බාහිර රෝගී ප්‍රතිකාර, ළමා රෝග සායන, අක්ෂි සායන, විකලාංග සායන, ශල්‍ය වෛද්‍ය සායන, සර්වාංග රෝග සායන, දන්ත වෛද්‍ය සායන, උගුර/කන/නාසය පිළිබඳ සායන, සමේ රෝග සායන සහ මනෝ විද්‍යා උපදේශන සායන මෙන්ම ජංගම රසායනාගාර මඟින් රුධිර පරීක්‍ෂණ සිදු කරගැනීමේ පහසුකම් සහ මූල්‍ය උපදේශන සහ නීති උපදෙස් ලබා දීමේ සේවාවක්ද පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, ඊට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් විසිපස් දෙනෙකු (25)වෙනුවෙන් වියලි ආහාර සලාකයක් සහ ගැබිණි මාතාවන් පනස් දෙනෙකු (50) සඳහා ළදරු විෂයයන් කට්ටල බෙදා දීමද සිදු කෙරිණි.
එමෙන්ම, ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව ත්‍රිකුණාමලය, නීලපොල විද්‍යාලයේ සිසු දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහනක් පැවති අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය රියර් අද්මිරාල් ජනක මාරඹේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අණදෙන නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන්, නාවික හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අංශයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඇතුළු සාමාජිකයින්, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය අංශයේ සාමාජිකයින්, සිංහ සමාජ සමාජිකයින්, ශ්‍රී ලංකන් කෙයාර්ස් ආයතනයේ සාමාජිකයින් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.



















