ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව එකොළොස්වන (11) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය ගාල්ල, ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අද දින (2023 ඔක්තෝබර් මස 12) ආරම්භ වූ අතර, Emerging New Order in the Indian Ocean යන තේමාව ඔස්සේ දින දෙකක් පුරා (2023 ඔක්තෝබර් 12-13) පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණය සඳහා රටවල් 42 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වෙයි.