යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා වෙත පොපි මලක් පැළඳවීම අද දින (2023 ඔක්තෝබර් 25) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.