වැදගත් සිදුවීම්

2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියත් විධානය විසින් හිමි කර ගනියි

මෙවර (2023) නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය, 2023 නොවැම්බර් මස 08 සහ 09 දෙදින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු අතර, දියත් විධානය එහිදී 2023 අන්තර් විධාන සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

11 Nov 2023

මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ දිනය නාවික හමුදා මූලස්ථානයේදී සහ සියළුම නාවික විධානයන්හිදී අභිමානවත්ව සැමරේ

පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහිකිරීමේ දිනය අදට (නොවැම්බර් 11) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය අද දින (2023 නොවැම්බර් 11) නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදීත්, විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

11 Nov 2023