වැදගත් සිදුවීම්

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙයක්

2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ඒකාබද්ධ ක්‍රිස්තියානි සැමරුම් හා තුති පුද කිරීමේ දේව මෙහෙය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, 2023 නොවැම්බර් මස 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී පැවැත්විණි.

22 Nov 2023