වැදගත් සිදුවීම්
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකාය හා මාධ්‍ය ආයතන අතර සාකච්ඡාවක් පවත්වයි
ශ්‍රී ලංකාව තුල විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පියවර ගැනීමේදී මාධ්‍ය භාවිතා කලයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමඟ සාකච්ඡාවක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 29 වන දින ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
01 Dec 2023
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ වාර්ෂික සුහද හමුව - 2023 උත්කර්ෂවත් අයුරින් පවත්වයි
දෙසැම්බර් මස 08 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ 44 වන සංවත්සරය නිමිත්තෙන් වූ වාර්ෂික සුහද හමුව නාවික හමුදා සංගමයේ ගරු සභාපති, හිටපු නාවික හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයෙකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ එම සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 25 වන දින වැලිසර නාවික උත්සව ශාලාවෙහිදී (Wave n’ Lake Navy Hall) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
01 Dec 2023


