නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැවැත්වීම එම විද්‍යාලීය ශ්‍රවණාගරයේදී 2023 දෙසැම්බර් මස 04 වන දින සිදුකෙරිණි.