වැදගත් සිදුවීම්

පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයන් හට පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන්, හඳුන්වා දුන් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) තනතුර සඳහා පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර යන ජ්‍යේෂ්ඨ නාවිකයා අද දින (2023 දෙසැම්බර් 19) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නව තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

20 Dec 2023

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ ‍කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද Commodore M Moniruzzaman අද දින (2023 දෙසැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

19 Dec 2023