නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘The Porthole’ සංග්‍රහය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළි දක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි දෙවන සංස්කරණය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2024 ජනවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

‘The Porthole’ සංග්‍රහය, නිලධාරි උප‍දේශකයන්, ශිෂ්‍ය නිලධාරීන්, පුහුණුවන නිලධාරින්, නාවික උපදේශකයන් සහ පුහුණුවන නාවිකයන් විසින් ලියන ලද හරවත් ලිපි එකතුවකින් සමන්විත වන අතර, 2023 වර්ෂයේ එළිදක්වන ලද මෙවර සංස්කරණයෙහි තේමාව "Economic security and resilience through the maritime realm" යන්නයි.