වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් රුවන් කලුබෝවිල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

24 Jan 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චමින්ද ජයපාල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චමින්ද ජයපාල අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

24 Jan 2024

රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් මංජුල දිසානායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් වශයෙන් අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

24 Jan 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චන්දන රත්නායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් චන්දන රත්නායක අද දින (2024 ජනවාරි 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

24 Jan 2024