වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් ඉදිකල අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කෙරේ
නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් ඉදිකරන ලද අක්මීමණ තොටගොඩ පංචථූපාරාම පුරාණ මහා විහාරයේ සිව්මහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟසතු කොට පූජා කිරීම අද දින (2024 ජනවාරි 27) මල්වතු පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සිදුකෙරුණු අතර, එම පුණ්‍යමහෝත්සවය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ඇතුළු සම්භාවණීය ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
28 Jan 2024
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් අද දින (2024 ජනවාරි 27) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
27 Jan 2024


