රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කිරීම 2024 පෙබරවාරි මස 01 වන දින සහ අද දින (2024 පෙබරවාරි 02) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.