2024 මාර්තු මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.