යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ හැට තුන්වන (63) ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් මාලාවක් 2024 අප්‍රේල් මස 23 සහ 24 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.