වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය ලෙස කොමදෝරු සංජීව පෙරේරා වැඩ භාර ගනියි
නාවික හමුදා වැඩ බලන ධජ නිලධාරි නාවික දියත් විධානය, වශයෙන් කොමදෝරු සංජීව පෙරේරා අද දින (2024 අගෝස්තු 08) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ, ධජ නිලධාරි නාවික දියත් විධාන කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොමදෝරු සංජීව පෙරේරා නාවික දියත් විධානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ධජ නිලධාරි නාවික දියත් විධානය වශයෙන් තාවකාලිකව කටයුතු කළ කපිතාන් රංජිත් වල්ගම්පාය විසින් එම ධූරයෙහි රාජකාරීන් කොමදෝරු සංජීව පෙරේරා වෙත භාර දීම සිදු කෙරිණි.


