ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව සහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන්, ගණ දෙවි ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැර වීථි සංචාරය කිරීම නාවික තටාකාංගණ පරිශ්‍රය තුළ සහ ත්‍රීකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් 2024 සැප්තැම්බර් මස 07 සහ 08 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.