වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, නිල හමුවක් සඳහා පසුගියදා (2024 නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

09 Nov 2024

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ 2024 නොවැම්බර් මස 05 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

08 Nov 2024

රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

08 Nov 2024