රණක්‍ෂිතයට පත් විශ්‍රාමික නාවිකයෙකු වෙත රෝද පුටුවක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත්ව සිටින බල නැවි අයිඩීඑන් තිලක්කුමාර යන විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත රෝද පුටුවක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් 2024 නොවැම්බර් මස 10 වන දින මහනුවර වත්තේගම ප්‍රදේශයේ පිහිටි එම කණිෂ්ඨ නාවිකයාගේ නිවසේ දී සිදු කෙරිණි.

බල නැවි අයිඩීඑන් තිලක්කුමාර කණිෂ්ඨ නාවිකයා විසින් ඔහුගේ ආබාධිත තත්වයට සහනයක් ලෙස රෝද පුටුවක් ලබාගැනීම සඳහා නාවික හමුදා සුභසාධක අංශය වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව, නාවික හමුදා සමාජ මෙහෙවර අරමුදලේ මූල්‍යමය දායකත්වයෙන් රෝද පුටුවක් එම විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයා වෙත පිරිනැමීම මෙලෙස සිදු කෙරිණි.