කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ තිළිණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි
“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව වෙනුවෙන් චිත්‍ර සහ සජීවීකරණ වීඩීයෝ තරඟාවලියක් 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පිරිනමනු ලබන තිළිණ සඳහා අනුග්‍රහක දායකත්වය ලබාදෙනු ලබන කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නියෝජිතයින් 2024 නොවැම්බර් මස 11 වන දින විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරණු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී එම තිළිණ සංකේතාත්මකව භාර දීම නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
පාසැල් දූ දරුවන් සහ නව යොවුන් ප්‍රජාව, මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා බලගැන්වීම වෙනුවෙන්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම හා එක්ව මෙම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලිය සංවිධානය කරනු ලබයි.
මෙම තරඟාවලියේ චිත්‍ර තරඟය පාසල් ළමුන් වෙනුවෙන් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා කාණ්ඩ දෙකක් යටතේත්, සජීවීකරණ වීඩියෝ තරඟාවලිය 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පළමු කාණ්ඩය ලෙස සහ වයස අවුරුදු 19 සිට 30 දක්වා දෙවන කාණ්ඩය ලෙස පැවැත්වේ. ඒ අනුව, මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත තිළිණ වශයෙන් ලබාදීමට නියමිත වටිනා මූල්‍ය ත්‍යාග සහ ජංගම දුරකථන වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය ලබාදෙනු ලබන,කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නියෝජිතයින් විසින් එම තිළිණ සංකේතාත්මකව නාවික හමුදාධිපති වෙත ලබා දීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.


