වැදගත් සිදුවීම්
මානුෂිය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය 2025 ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මුලස්ථානයේදි ආරම්භ වෙයි.
මානුෂිය ආධාර සහ ආපදා සහන පුහුණු සැසිය 2025 නොවැම්බර් මස 12 වැනි දින පුත්තලම ඟගේ වාඩිය පිහිටි නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේ, ආපදා කළමණාකරන පුහුණු පාසලේදි ආරම්භ විය.
13 Nov 2025
75 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව රඹෑව සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලය පවිත්‍ර කිරිම සදහා නාවික හමුදා ප්රජාසත්කාරක දායකත්වය.
ශ්‍රිලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන නාවික සංවත්සරයට සමගාමිව සිදුකෙරෙණ නාවික හමුදා සම්බන්ධීකරණ වැඩසටහන් යටතේ, අනුරාධපුරය රඹෑව සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරිම වෙනුවෙන් නාවික හමුදා ප්රජාසත්කාරක දායකත්වය ලබා දීම 2025 නොවැම්බර් මස 08 වන දින සිදු කෙරිණි.
13 Nov 2025
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ අභිමානවත් 32 වන සංවත්සරය 2025 නොවැම්බර් 06 වැනි දින ත්‍රීකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී, එම බලඝණයේ අණදෙන නිලධාරී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
13 Nov 2025
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රිය සීමා හමුව (International Maritime Boundary Line meeting), 2025 නොවැම්බර් මස 11 වැනි දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍රිය සීමාවේදී, ඉන්දීය නාවික හමුදාවේ INS Sukanya නෞකාවේදී සාර්ථකව පැවැත්විණි.
12 Nov 2025
75 වැනි නාවික හමුදා සංවත්සරයට සමඟාමීව පැවැත්වෙන නාවිකයනගේ සුහද හමුව නාවික සම්ප්‍රදායන්ට මුල්තැන දෙමින් පැවැත්විණි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සර දිනය සැමරීම නිමිත්තෙන් සර්ව ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නාවිකයන්ගේ සුහද හමුව අද (2025 නොවැම්බර් 07) වැලිසර ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
08 Nov 2025
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග/ මැදබැද්ද මහා විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම 2025 ඔක්තෝබර් මස 31 වැනි දින සිදුකෙරිණි.
04 Nov 2025
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 04 වැනි පාඨමාලාව සඳහා නාවික හමුදාධිපති විසින් ආරාධිත දේශනයක් පවත්වයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සිව්වන (04) ජාතික ආරක්ෂක පාඨමාලාව හදාරනු ලබන දේශිය හා විදේශීය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන්, ‘Role of Sri Lanka Navy in National Security’ යන කාලීන මාතෘකාව යටතේ 2025 නොවැම්බර් මස 03 වැනි දින ආරාධිත දේශනයක් පැවැත් වීමට කටයුතු කෙරිණි. තවද, එම අවස්ථාවේදී නාවික හමුදාධිපති වෙත ගෞරව පිරිනැමීම සනිටුහන් කරමින් ‘Wall of Fame’ ගෞරවනීය පුවරුව වෙත නාවික හමුදාධිපතිගේ නම ඇතුලත් කිරීමද එහිදී සිදුකෙරිණි.
04 Nov 2025
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ (විශ්‍රාමික) විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත පොපි මලක් පැළඳවීම අද දින (2025 නොවැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
04 Nov 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් AKEBONO නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද (2025 ඔක්තෝබර් 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
01 Nov 2025
ශ්‍රී ලංකා - ජපාන නාවික සහයෝගීතාවය ශක්තිමත් කරමින් බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්
ශ්‍රී ලංකා සහ ජපාන නාවික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, නිල සංචාරය අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගිය ජපාන සමුද්‍රීය ස්ව්යං ආරක්ෂක බලකායේ AKEBONO නෞකාව, අද (2025 ඔක්තෝබර් 31) බටහිර මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවිය.
01 Nov 2025


