74 වැනි නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ගිණිකොන නාවික විධානයේදී

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 15 වැනි දින ගිණිකොන විධාන නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, පොතුවිල් මූලික රෝහලේ රුධිර බැංකුවට අවශ්‍ය රුධිරය ලබාදීමේ අරමුණින් ගිණිකොන නාවික විධානය විසින් සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ උතුම් සමාජ සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැට දෙනෙකු (60) විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දායකත්වය ලබාදීම සිදු කෙරිණි.