නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක නිල කාර්යාලයේදී, ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම ප්‍රථම නිල හමුවීමේදී, ජාතික කර්තව්‍යන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබා දීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ගරු කථානායකතුමා අතර එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ගරු කථානායකතුමා අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණී.