නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමිය බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2025 ජනවාරි 16) සිය ප්‍රථම නිල හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය බැහැදැකීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරුණු මෙම ප්‍රථම නිල හමුවීමේදී, ජාතික කර්තව්‍යන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ලබා දීම ඇතුළු ජාතික ආරක්‍ෂාව හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ අග්‍රාමාත්‍ය තුමිය අතර එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.