නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් යාපනයේදී සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජනවාරි මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා යාපනය මාතගල් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කන්කසන්තුරය නඩේෂ්වර විද්‍යාලය සහ වෙත්තිලයිකර්නි පරමේෂ්වර විද්‍යාලය යන ස්ථානයන්හිදී සාර්ථකව පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය අංශය; උතුරු සහ උතුරු මැද නාවික විධාන දන්ත වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහ යාපනය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ගේ සහාය ඇතිව සංවිධානය කෙරුණු මෙම විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාව මඟින්, නොමිලේ දන්ත පරීක්ෂා කිරීම, දත් පිරිසිදු කිරීම සහ නිසි මුඛ සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ ප්‍රජාව දැනුවත්කිරීම සිදුකෙරුණු අතර, එමඟින් එම ප්‍රදේශ ආශ්රිත විශාල පිරිසකට දන්ත වෛද්‍ය සේවාවන් ලබාදීමට නාවික හමුදාවට අවස්ථාව උදාවිය.