නාවික හමුදාධිපති රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, අද (2025 ජනවාරි 26) මීරිගම, මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැඳ නමස්කාර කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.

එම අවස්ථාවේදී මහානායක හිමිපාණන් විසින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අනුශාසනා කර, නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත සෙත් පතා ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, අනූෂා බානගොඩ මැතිණිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් ජානක මාරඹේ සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.