නාවික හමුදාව ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 ජනවාරි මස 25 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා ශාලාවේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් වශයෙන්, නැගෙනහිර නාවික විධාන වැඩ බලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරීගේ අධීක්ෂණයෙන් සංවිධානය කෙරුණු මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන සඳහා ත්‍රීකුණාමලය නගරය සහ අවට ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.