බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ නෞකාව කොළඹ වරායට පැමිණෙයි
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 ජනවාරි 31) කොළඹ වරායට පැමිණි අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Frigate (Modified Hamilton Class High Endurance Cutter) වර්ගයට අයත් ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව, දිගින් මීටර් 115.2 හා නැව් මුළුව 274 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Md. Shahriar Alam කටයුතු කරනු ලබයි.
මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව්මුළුව දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත. එමෙන්ම, නෞකාවේ මෙහෙයුම් ක්රියාකාරිත්වය පිළිබඳව ශ්රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එම නෞකාව තුළදී පැවැත්වීමට නියමිතව ඇත.
තවද, නිල සංචාරය අවසන් කරමින් ‘BNS SOMUDRA JOY’ යුද නෞකාව 2025 පෙබරවාරි මස 02 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.