දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද (2025 පෙබරවාරි 03) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව දකුණු නාවික විධානය වෙත රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කටයුතු කළ කොමදෝරු නදිත් වල්පොල විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.