නාවික හමුදාධිපති අමරපුර මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 පෙබරවාරි මස 01 වැනි දින බලංගොඩ, ශ්රී ධර්මානන්ද විහාරස්ථානයේදී, ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්රි මුර්ති මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක වැඳ නමස්කාර කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි.
එම අවස්ථාවේදී මහානායක හිමිපාණන් විසින් නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අනුශාසනා කර, නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත සෙත් පතා ආශිර්වාද ප්රාර්ථනා කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, අනූෂා බානගොඩ මැතිණියද සහභාගී විය.