ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු මියොන් ලී (Miyon LEE) මැතිණිය, නිල හමුවක් සඳහා 2025 පෙබරවාරි මස 03 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ගරු මියොන් ලී (Miyon LEE) මැතිණිය විසින් 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.