නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 16ක් වෙත පත්වීම් ලිපි ප්රදානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා වෙත 2024/03 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහසය දෙනෙකු (16) වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීම, අද (2025 පෙබරවාරි 21) නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
ඒ අනුව, විධායක අංශය වෙත බඳවාගත් නිලධාරීන් සිව් දෙනෙක් (04), සැපයුම් අංශය වෙත නිලධාරීන් සිව් දෙනෙක් (04), විදුලි හා විද්‍යුත් අංශය වෙත එක් (01) නිලධාරියෙක්, තොරතුරු තාක්ෂණ අංශය වෙත එක් (01) නිලධාරීයෙක් සහ ස්වේච්ඡා විධායක අංශය වෙත නිලධාරීන් හය දෙනෙක් (06) වශයෙන් කාන්තා නිලධාරීන් දෙදෙනෙකු (02) ඇතුළුව ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහසය දෙනෙකු (16) වෙත පත්වීම් ලිපි පිරිනැමීම නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ප්‍රථමයෙන් ඉඳුරාම බඳවාගත් නිලධාරීන් ලෙස නාවික හමුදාවට එක්වූ නවක නිලධාරීන් වෙත සිය සුභපැතුම් පිරිනමන ලදී. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නවක නිලධාරීන්ගේ දෙමව්පියන් සහ ආදරනීයයන් විසින් නවක නිලධාරීන් සහ කාන්තා නිලධාරීන් රට වෙනුවෙන් සේවය කිරීම සඳහා නාවික හමුදාවට බැඳීමට දිරිමත් කිරීම අගය කරනු ලබන බව පවසන ලදී.
නාවික හමුදා සේවය හුදු රැකියාවක් පමණක් නොව, රට වෙනුවෙන් සිදුකරනු ලබන උදාර සේවයක් මෙන්ම ඉන් ඔබ්බට පුළුල් පරාසයක අත්දැකීම් සම්භාරයක් හිමිවන නිරන්තරයෙන් වෙනස් අත්දැකීම් ලැබිය හැකි වෘත්තීය ක්ෂේත්රයක් වන බවත්, ඉන් උපරිම ඵල ලබාගනිමින් තම යුතුකම ඉටු කිරීමට නවක නිලධාරීන් හා කාන්තා නිලධාරීන් වග බලා ගත යුතු බවත් පැවසූ නාවික හමුදාධිපති; අවංකකම, පක්ෂපාතීත්වය, කැපවීම සහ ධෛර්යය නාවික ජීවිතයේ ප්‍රධාන කුළුණු හතර ලෙස සලකමින් කටයුතු කිරීම තුළින් නවක නිලධාරීන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක වනවා පමණක් නොව, අභිමානවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාඩම්බර සම්ප්‍රදායන් ඉදිරියට රැකගැනීමටද හැකිවන බවත් පවසන ලදී.
තවද, 2024/03 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති සහ නව පත්වීම් ලද නිලධාරීන්ගේ දෙමාපියන් හා ආදරනීයයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.