නාවික හමුදා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් වාහල්කඩ ඩී 2 විද්‍යාලය අලුත්වැඩියා කෙරේ
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩ ඩී 2 විද්‍යාලය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම අද (2025 පෙබරවාරි 22) සිදු කෙරිණි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යාථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ අධ්‍යාත්මික වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් 1000ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමඟාමීව, දිවයිනේ තෝරාගත් පාසැල් පරිශ්‍ර 200ක් පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරේ.
ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් මත, වාහල්කඩ ඩී 2 විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර අවශ්‍ය අළුත් වැඩියා කටයුතු සිදුකිරීම මඟින් ශ්‍රී ලාංකීය දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම විධානයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරිණි.