වැදගත් සිදුවීම්
මූලික අනුගතවීමේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් 12 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 03/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දොලොස් දෙනෙකු (12) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද (2025 පෙබරවාරි 22) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
22 Feb 2025
නාවික හමුදා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් වාහල්කඩ ඩී 2 විද්‍යාලය අලුත්වැඩියා කෙරේ
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩ ඩී 2 විද්‍යාලය පිරිසිදු කර අළුත්වැඩියා කිරීම අද (2025 පෙබරවාරි 22) සිදු කෙරිණි.
22 Feb 2025
නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් පඩුවස්නුවර හල්මිල්ලවැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඩුවස්නුවර බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බරම්පොල හල්මිල්ලවැව ග්‍රාමයේ ස්ථාපනය කෙරුණු 1081 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, 2025 පෙබරවාරි මස 21 වැනි දින සිදු කෙරිණි.
22 Feb 2025


