“පිරිසිදු වෙරළ තීරයක්-ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙනුවෙන් නාවික හමුදාව මඟින් ප්‍රජා සත්කාරක දායකත්වය
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව ක්‍රියාත්මක “පිරිසිදු වෙරළ තීරයක්-ආකර්ශණීය සංචාරක ගමනාන්තයක්” වැඩ සටහන යටතේ දකුණු, උතුරු, වයඹ සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා 2025 පෙබරවාරි මස 22 සහ 23 යන දෙදින ප්‍රජා සත්කාර දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම ප්‍රජා සත්කාරක දායකත්වය යටතේ 2025 පෙබරවාරි මස 22 වැනි දින දකුණු නාවික විධානය මඟින්, ගාල්ල කොටුපවුර ආශ්‍රිත වෙරළ තීරය, ගොඩවාය ධීවර වරාය අවට වෙරළ තීරය සහ දොඩම්දූව වෙරළ සිට රජ්ගම දක්වා වු වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් කටයුතු සංවිධානය කෙරිණි.
2025 පෙබරවාරි මස 23 වැනි දින උතුරු නාවික විධානය මඟින් කන්කසන්තුරය, පේදුරුතුඩුවේ සිට සක්කොටේ දක්වා, මාදගල්තුරෙයි සිට කුසුමන්තුරෙයි, තිරවාඩු සිට සවුක්කාඩි දක්වා, කෝවිලන් ප්‍රදීපාගරය අවට, සාඩි, පඩිතිරිප්පු, කිලාලි, විනයාසෝඩි සිට කේ පොයින්ට් දක්වා, මානල්අඩි, මනත්කාඩු, වෙරළ තීර ආශ්‍රිතවත්, වයඹ නාවික විධානය මඟින් මුල්ලිකුලම්, හුනයිස්නගර් සිට කරදක්කුලිය, කල්ලාරු, තුඩාව, ආනවාසල, කලාඔය, දියපැන්නුම, පුත්තලම කලපුව ආශ්‍රිතවත් සහ උතුරු මැද නාවික විධනය මඟින් ඌරුමලේ, පරණ පාලම, පියරගම, කීරි, තාල්පාඩු, පේසාලෛයි, වංකාලේ වලෙයිපාඩු සහ ඉලුප්පුකඩවායි වෙරළ තීරයන් පිරිසිදු කර, එම වෙරළ තීර ආශ්‍රීතව විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් කටයුතු කෙරිණි.
තවද, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා රාජ්‍ය අයතන, යුද්ධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව සහ මහජනතාවගේද දායකත්වය හිමි විය.