මහව, උස්ගල ගැමුණු මහ විදුහල “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, සියඹලාන්ගමුව, ගල්ගමුව උස්ගල ගැමුණු මහ විදුහල් පරිශ්‍රය පිරිසිදු කිරීම නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් 2025 මාර්තු මස 15 වැනි දින සිදු කෙරිණි.
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.
එම ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසල් තුල, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර, ප්‍රීතිමත්, නිර්මාණශිලී, විනයගරුක සහ කුසලතා සපිරි උද්යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ දිවයිනේ තෝරාගත් පාසල් පරිශ්‍ර පිරිසිදු කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළමු අදියර යටතේ මේ වන විට නාවික හමුදාව පාසල් පරිශ්‍ර 30ක් දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍ර බවට පරිවර්තනය කර ඇත.
ඒ අනුව, ගල්ගමුව අධ්‍යාපන කලාපයේ මහව, උස්ගල ගැමුණු මහ විදුහල දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන්, එම පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා විද්‍යාලයේ දරු දැරියන්, දෙමාපියන්, ආදි සිසුවන් හා එක්ව නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදුකෙරිණි.