එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ නාවික හමුදාව පැවැත්වූ පාඨමාලාවන්ගේ සහතික ප්‍රදානය ත්‍රීකුණාමලයේදී
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සංවිධානය කරන ලද, නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ කලාපීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශක පාඨමාලාව ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්‍රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2025 මාර්තු මස 20 වැනි පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම උපදේශක පාඨමාලාවේ මූලික අරමුණ වූයේ සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තරව සුදුසුකම් ලත් උපදේශකයින් ලෙස සහභාගිවන්නන් පුහුණු කිරීමයි. එහිදී මුහුදේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රමෝපායන්හි ප්‍රායෝගික සහ න්‍යායික දැනුම ලබාදීම සිදු කෙරුණු අතර, විකිරණශීලී සහ පරමාණුක උපද්‍රවයක් සහිත පසුබිමක අනුගමනය කල යුතු ආරක්‍ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. කලාපීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශක පාඨමාලාවේදී එවැනි ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සිදු කෙරිණි.
එමෙන්ම, මෙම පුහුණු අභ්‍යාස සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් විසි හත් දෙනෙකු (27) සහභාගී වූහ.
තවද, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ වැලැක්වීම සම්බන්ධ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා පරමාණුක බල ශක්ති දෙපාර්තමේන්තුවේ උපදේශකයින්, ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.