ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාල ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Sean Jin සහ එම කාර්යාලයේ ප්‍රධානී ලෙස පත්වීමට නියමිත ලුතිනන් කොමාණ්ඩර් Ros Lary, නිල හමුවක් සඳහා 2025 මාර්තු මස 26 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මෙම නිල හමුවේදී, කොමාණ්ඩර් Sean Jin විසින් ඔහුගේ දුර කාලය තුල ආරක්‍ෂක සහයෝගීතා කාර්යාලයේ කටයුතු වෙනුවෙන් දැක්වූ සහයෝගය සම්භන්ධයෙන් ස්තූතිය ඵල කර, එම කාර්යාලයේ ප්‍රධානී වශයෙන් දුරයේ වැඩ භාර ගැනීමට නියමිත ලුතිනන් කොමාණ්ඩර් Ros Lary නාවික හමුදාධිපති වෙත හඳුන්වා දී, ආරක්‍ෂක සහයෝගීතා කාර්යාලය මඟින් සිදුකෙරෙණ වැඩසටහන් ඇතුළු දෙරටේ සහයෝගීත්වය සහ ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සමඟ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගීතා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.