උතුරු මැද නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතන පරිශ්‍රයේ පරිපාලන කටයුතු වෙනුවෙන් භාවිතාකල ගොඩනැගිල්ලක් නවීකරණය කර, නිවාඩු නිකේතනයක් ලෙස පරිවර්ථනය කර විවෘත කිරීම 2025 මාර්තු මස 21 වැනි දින උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් විවාත කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් භාවිතා කල ගොඩනැගිල්ලක් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සම්පත් යොදා ගනිමින් නවීකරනය කර නිවාඩු නිකේතනයක් ලෙස පරිවර්ථනය කිරීම සඳහා ඉදිකිරීම් කටයුතු 2025 මාර්තු මස 13 වැනි දින ආරම්භ විය.

ඒ අනූව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරුමැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මඟින් ඉදිකිරීම් සම්පූර්ණ කිරීමෙන් පසුව මෙලෙස නාවික පුද්ගලයින්ගේ සුභසාධනය වෙනුවෙන් විවෘත කිරීම සිදුකෙරිණි.