ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 42 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් හතලිස් දෙදෙනෙකු (42) සාගරයට මුදා හැරීම 2025 මාර්තු මස 25 වන දින ගිණිකොන නාවික විධානයේ පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව සමාජීය, පාරසරික සහ ආචාරධර්මීය වශයෙන් ප්‍රථිස්ථාපනය කිරීම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන පාර්ශව කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන නාවික හමුදාව, පරිසර සංරක්‍ෂණ වැඩසටහන් සඳහා නිරන්තර දායකත්වය දක්වයි.
ඒ අනුව, වඳවී යන සත්ව විශේෂයක් ලෙස සැලකෙන කැස්බෑවන් සංරක්‍ෂණය කර සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම වෙනුවෙන්, ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර මඟින් බිහිවූ කැස්බෑ පැටවුන් හතලිස් දෙදෙනෙකු (42) සාගරයට මුදාහැරීම මෙලෙස 2025 මාර්තු මස 23 වන දින සිදුකෙරිණි.